බුලත් මල්ලෙන් සඳුන් එළියට


පකිස්ථාන බුලත් වෙළෙන්ඳකු සුදු හඳුන් කිලෝ 130ක් ගමන් මළු හතරක බහා බුලත්වලින් වසා කරච්චියට රැගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක විය. මාසයකදී සිව්වරක් ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ බෑගයේ තිබූ සදුන් දැව මීගමුවෙන් ගත් බව කියතත් කැළයකින් කපා ගත් බව පෙනේ යැයි රේගුව සැක කරයි. ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර  මහතාගේ උපදෙස් පරිදි රේගු අධිකාරී ජී.ඩී ප්‍රේමසිරි, නියෝජ්‍ය රේගු අධිකාරී පී.ඩබිලිවි.ඒ.ඩබිලිව් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, තරිඳු ඉලේපෙරුම, සී.පී අබේවික්‍රම, තාරක ඩයස්, ශ්‍රී ලාල් විජේවර්ධන සහ සමන්ත පුෂ්පකුමාර  මහත්වරු වැටලීම කළහ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා පරීක්ෂණ කරයි. +