බුදුහු යළි වඩිති


පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බොහෝකාලයක සිට අඩුවක් ව පැවති බුදුපිළිම වහන්සේ නමක් වැඩවවිම සඳහා නව තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා සැරසෙයි.

" තානාපති කාර්යාල ආගමික මධ්‍යස්ථාන නොවේ. බුදුපිළිමයක් ප්‍රදර්ශනක කළහොත් අනෙකුත් ආගම් නියෝජනය කිරීම සඳහා ද පියවර ගැනීම අවශ්‍යවේය." යන තර්කය යටතේ තානාපති කාර්යාලයේ තිබු බුදුපිළිම වහන්සේ සිය නිල නිවසේ තැන්පත් කැරිණි.

පැරිසියේ වැඩවසන ශ්‍රී ලාංකික හිමිවරු එම පිළිවෙත විවේචනයට ලක් කළහ.

හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මීට කළින් එසැණට පැවසුයේ තමා එසේ කළේ බුදුන්වහන්සේට ඇති ගෞරවය නිසාම බවයි.

මෙම අඩුපාඩුව සපුරාලීම උදෙසා නව තානාපතිගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රජය විසින් සැපැයුණු බුදුපිළිම වහන්සේ නැවත වතාවක් තානාපති කාර්යාලයේ තන්පත්කිරිම සනිටුහන් කරමින් පින්කමක් තානාපති තුමන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පසුගිය 18 වෙනි දින එම කාර්යාලයේදී පවත්වනු ලැබිය.

මෙම පිංකම සඳහා මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනේ අධිපති රාජකීය පණ්ඩිත  ආචාර්ය බලංගොඩ සෝභිත හිමි,   පුවක්ගහහෙනේ වජිරඥාන හිමි,   විතාරන්දෙණියේ මේධානන්ද හිමි සහ  මනම්පිට අමිත හිමියන් සමඟ ප්‍රංශයේ වැඩවසන පරිස්නුවර ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති  කොන්ගස්දෙණියේ ආනන්ද නාහිමි, ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති  පරවාහැර චන්දරතන නාහිමි සහ එම විහාරවාසී  මාපලගම ජිනානන්ද හිමියන් වැඩමකළහ.