බුදුන් විකුණන් කන්න ගිහින් ලක්ෂ 12ක දඩ ගෙවයි


වසර තුන්සියයක් පැරණි අභය මුද්‍රා බුදුපිළිමයක් කැබලි කඩා රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය හය දෙනෙකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය  මහතා රුපියල් දොළොස් ලක්ෂ හැට අටදාහ බැගින් දඩ නියම කළේය. නොච්චියාගම මොරවකන්ද පී සුදත් පේරේරාට රුපියල් දෙලක්ෂ පනස් දහසක් ද, නිශාන්ත කුමාර, සරත් කුමාර, විල්ප්‍රඩ් පෙරේරා, සුරේන්ද්‍ර පුෂ්පකුමාර සහ එම් පී පියතිස්සට රුපියල් දෙලක්ෂ තුන්දහස බැගින් දඩ නියම විය. නොච්චියාගම ඊරට්ටිකුලම ශ්‍රී ස්වර්ණාභිමිබාරාමයේ තිබූ මේ පිළිම වහන්සේ කිලෝ 200ක් පමණ බරය.