බුදු සමය හදාරන්න වතිකානය රෝම පන්සලේ


අන්තර් ආගමික සාකච්ඡාවක් හා බුදු දහම පිළිබඳව අධ්‍යයනයක නිරතවීම පිණිස වතිකානයට අයත් උර්බනිකා සරසවියේ ශිෂ්‍ය පූජකවරු හා කන්‍යා සොයුරියෝ පිරිසක් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට පැමිණියහ. තම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන බුදු දහම අනුව පන්සලක ස්වරූපය හඳුනා ගැනීම මෙහි දි සිදුවිය. ලෝකයේ  විවිධ රටවලට අයත් වන මෙම පූජකවරුන්හට ඒ සඳහා මග පෙන්වූයේ උර්බනිනා සරසවියේ කථිකාචාර්ය ඉදුනිල් ජනක පියතුමාය. විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමි හා දායක පිරිස පැමිණ පූජකතුමන්ලා හා කන්‍ය සොයුරියන් හට ශ්‍රී ලාංකික ආහාර වේලකින් ද සංග්‍රහ කළහ.