බීලා සුක්කානම ඇල්ලූ 2048ක් කූඩුවේ


පොලිසිය ඉකුත් 11 දින සිට අද උදෑසන 6 දක්වා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. මොවුන් අතරින් 1796 දෙනෙකු ත‍්‍රිරෝද රථ රියැදුරන් බවත් 15 දෙනෙකු බස් රියැදුරන් බවත් ඔහු කීවේය. බීමත් රියැදුරන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියෙනි.