බිළිඳු වෙළඳාම අතේ පත්තුවේ


මහනුවර පන්විල අරත්තන ප්‍රදේශයේ මවකට උපන් දින 18ක් වයසැති බිළි‍‍ඳකු මුදලට අලෙවි කළ බව කියන අවිවාහක කාන්තාවක්, ඇගේ පියා, එම බිළිඳා මිලදී ගත් බව කියන මීගමුවේ යුවළක් සහ මෙම ගනුදෙනුවට සහාය දැක්වූ රෝහල් සේවිකාවක් සහ ඇගේ සැමියාද පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.