බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි


බිරියට පහරදී සිරුරට භූමිතෙල් දමා පුළුස්සා තුන් මාසයක් තිස්සේ ගොඩ වෙදකම් කරමින් නිවසේ සිරකරගෙන සිටි දෙදරු මවක රෝහල් ගත කළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

ඇගේ දකුණු අත දරුණු ලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.

කහටගස්දිගිලිය මහමස්සැල්ලාවැව පදිංචි 33 හැවිරිදි මෙම කාන්තාව මහියංගනයේ සිට පැමිණ සැකකරු සමග විවාහ වී ඇති අතර එම කාන්තාවට ඇගේ පළමු විවාහයෙන් අවුරුදු පහක දරුවකු ද සැකකරුට දාව මාස 11ක දරුවකු ද සිටින බවත් පොලිසිය පවසයි.