( උපාලි ආනන්ද )
පොල්ලකින් පහර දී තම බිරිඳ ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුධ හමුදා කෝප‍්‍රල්වරයකුට මරණ දඬුවම නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (09) නියෝග කළේය.
පර්යේෂණ සාක්ෂි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කෙරිණ.මෙසේ මරණ දඩුවම නියම වූයේ ජයසේනගේ ජානක නැමැති හිටපු යුද හමුදා කෝප‍්‍රල්වරයකුටය.
2007 වසරේ සැප්තැම්බර් මස 22 වන දින හෝ ඊට ආසන්න දිනයක බිරිදට පහරදි ඝාතනය කළැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණ.
ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නොමැතිව මෙම නඩුව විභාග කර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුණේ පර්යේෂණ සාක්ෂි පදනම් කරගෙන පමණක් වීම විශේෂත්වයකි.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ මෙම නඩුවේ පර්යේෂණ සාක්ෂි සියල්ල සමස්තයක් ලෙස ගත් විට තමාට එළැඹිය හැකි එකම නිගනමය වන්නේ විත්තිකරු වරදකරුම පමණක් බවයි.
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

