බිරිඳ - දරුවන් ගින්නෙන් බේරාගත් රාමනාදන්ට ජනපතිගෙන් ලක්ෂ 10ක්


(ඩයනා උදයංගනී)

මහනුවර යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඉකුත් ජනවාරි මාසයේ හටගත් ගින්නකින් තම දරු පවුල බේරාගත් රාමනාදන් රාමරාජ් පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අයෙකි.

එම ගොඩනැගිල්ලෙහි පස්වන මහලේ පදිංචිව සිටි මෙම පියා තම දරුවන් තිදෙනා හා බිරිඳ ඉන් පහළට දමා බේරාගත්තේ තමන්ගේ ජීවිතය ද පරදුවට තබමිනි.

ඒ වෙනුවෙන් රාමරාජ් මහතා වෙත රුපියල් ලක්‍ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදුවිය.

වෘත්තියෙන් ආභරණවල රන් ආලේප කරන්නකු වන නාමනාදන් මහතාගේ නිවස ගිනි ගැනීම හේතුවෙන් ඔහුට ජීවනෝපාය මාර්ගයද අහිමි වූ අතර ඊට අවශ්‍ය යන්ත‍්‍ර යළි මිලදී ගැනීමට සහ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම මුදල ලබාදුන්නේය.

රාමරාජ් මහතා ජනාධිපතිවරයා අතින් මුදල් පරිත්‍යාගය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ඔහුගේ බිරිඳ හා දරුවන්ද මෙහි වෙති.