බියගම විලේජ් සැකකරුවෝ රිමාන්ඩ්


බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් සුරංග ජයරත්න සහ පුතාගේ මිතුරකු වන සුගත් වික්‍රමසිංහ ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පූගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රානි පාගල මෙනවිය අද නියෝග කළාය.

2012 පෙබරවාරි 20 වැනිදා දොම්පෝ පහළ දොම්පේ පොල්වත්තකදී බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කැරිණි.