කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතුසිතුවම් ගැලරියේ තිබූ මිල කළ නොහැකි පැරණි බිතුසිතුවම් පිටපත් හා මහනුවර යුගයේ රෙදිවල අඳින ලද පෙතිකඩ චිත්‍ර රැසක් විනාශවෙමින් ඇතැයි කෞතුකාගාර සේවකයෝ කියති. 2009 වර්ෂයේ දී රුපියල් ලක්ෂ 65ක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පැවසූ බිතුසිතුවම් ගැලරිය නිවැරදි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් බිතුසිතුවම් විනාශ වී යනු ඇතැයි පෙන්වාදුන්න ද බලධාරීන් එයට අවශ්‍ය පියවර නොගත් බවට සේවකයෝ චෝදනා කරති. වහළෙන් වතුර බේරී ඒමත් කුටියේ ආද්‍රතාව පාලනය නොවීමත් හේතුවෙන් බිතුසිතුවම් පිටපත් රැසක පැල්ලම් ඇතිවී ඒවා දුර්වර්ණ වී ඇත. මේ හේතුවෙන් අද බිතුසිතුවම් ගැලරියේ තිබූ පිටපත් හා චිත්‍ර රැසක් ඉන් ඉවත්කළ බව ද සේවකයෝ කියති.
මේ පිළිබඳ කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ කෞතුකාගාරයේ වහලේ පීලි අවහිර වීමෙන් ඒවා උතුරා ජලය ඇතුලට කාන්දුවීමෙන් චිත්‍ර කිහිපයකට සුළු හානි සිදුව ඇති බවයි. එම චිත්‍ර බිතුසිතුවම් ගැලරියෙන් ඉවත්කළ බව ද අද දිනයේ ද වැසි ඇතිවීමට ඉඩ ඇති බැවින් එක් බිත්තියක තිබූ චිත්‍ර සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට සිදුවූ බව ද අධ්‍යක්ෂතුමිය කියයි.


