වත්තල පදිංචි යකඩ බඩු ව්‍යාපාරිකයෙකු ගෙන ආ බෑගයක හැඩලය ඇතුලේ තිබී රුපියල් හැට හය ලක්ෂ තිස් අටදාස් දෙසිය විසි දෙකක් වටිනා රට සල්ලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එළියට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සෞදි රියාල් එක් ලක්ෂ අසූදහසක්, කුවෙට් ඩිනාර් පන්සිය හතලිහක් සහ ජැපනීස් යෙන් තිස් එක්දහසක් මේ අතර වෙයි.
මෙම ව්‍යාපාරිකයා සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතාට ඇති වූ සැකයක් මත මොහු අත් අඩංගුවට ගෙන ඇත.
මොහු මසකට හතර පස් වතාවක් සිංගප්පුරුවට යන එන බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරි ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙයෙවිමෙන් රේගු අධිකාරී යූ.එස් වික්‍රමසිංහ, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, පියුමාල් ජයවීර, සිසිර පෙරේරා සහ නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.
.jpg)

