බැස්ටියන් මාවත බස් නැවතුමේ ඉන්ධන පිරවුම්හලක් ඉදිවෙයි


(යොහාන් භාසුර)

පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි.

දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකියක් ස්ථාපිත කර ඒ ආසන්නයේ ඉන්ධන පොම්පයක් සවිකර තිබේ.

වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ බස් රථවලට ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳව අවධානය යොමු කර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙම ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.

මෙම ඉන්ධන පිරවුම්හලට ඛනිජ තෙල් සංස්ථාවෙන් කෙළින්ම ඩීසල් ලබාදෙයි.  

(ඡායාරූපය: ගායාන් අමරසේකර