බැර ලෝහ හානිය නිමක් නැතිලු


බැර ලෝහවලින් තෙත් බිමට සිදුකරන හානිය මිනිසාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශය නවතම පර්යේෂණයකින් හෙළිදරව් කරගත් බව එම අංශයේ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.

උතුරු මැද පළාතේ පුද්ගලයන් වකුගඩු රෝගීන් බවට පත්කරවන තෙක්ම එයට තුඩුදුන් හේතුව සොයා ගත නොහැකි වූ බවත් නමුත් මෙවන් පර්යේෂණ මගින් කල්තියාම අනතුරු හැඟවීමක් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

කාර්මීකරණය හා නාගරීකකරණය ජනගහනය හේතුවෙන් මිනිසා විසින් කැරෙන නිෂ්පාදිත රාසායන ද්‍රව්‍ය ලෙස පරිසරයට එකතුවෙයි. එය තෙක් බිම්වලට බැරලෝහ ඇතිවීමට ප්‍රධාන සාධකය වී ඇත.

මේ නිසා මිනිස් සිරුරේ විෂබීජ මර්දනයට දායක වන ක්ෂද්‍ර ජීවින් ඇතුළුව රෝග කාරකවලට ඔරොත්තු දෙන ශක්තිය හීන කරවයි. වකුගඩු පෙනහළු, අක්මාව, වැනි අවශ්‍යන්ට අක්‍රමිකතා ඇති කරවයි. 

ස්නායු පද්දතියට ඇති විය හැකි අවදානම පිළිබඳවත් සෙවීමේ අධ්‍යනයක් දැනට සිදු කරගෙන යයි.

මෙම පර්යේෂණය නිමාවු ව්‍යාපෘතියක් ලෙස සිදුකළේ ‘ඉන්දියා කොළ ගෙම්බා‘ යොදාගෙන බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේය. මෙම ගෙම්බා එම ප්‍රදේශයේ සුලබව වාසය කරන්නෙකි.

දර්ශනවේදී උපාධි අපේක්ෂිකා උත්පලා ජයවර්ධන මහත්මිය ඉදිරිපත් කළ මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාවේ පැවැති පරිසර ධුලක විද්‍යාත්මක සමුළුවේදී විශේෂ ඇගයීමකට ලක්විය. අසාත්මිකතා හා ප්‍රතිශක්තිකරණවේදය සදහා වූ ශ්‍රි ලංකාවේ පැවැති සමුළුවේ වාර්ෂික සැසිවාරයේදී දෙවැනි ස්ථානය මෙම පර්යේෂණයට හිමිවිය.

මෙම පර්යේෂණයේ නිගමනයක් පරිසර අධිකාරීයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහාචාර්ය ප්‍රීති උඩගම සහ ආචාර්ය දීප්ති වික්‍රමසිංහ මහත්මීන් සහ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.රත්නසූරිය මහතාගේ අධික්ෂණය යටතේ උපාධි අපේක්ෂිකාවක් වන ඩබ්ලිව්.ඒ.එන්.මධුෂානී, ප්‍රියදර්ශනී සෝමසේකරන්, දර්ශනවේදී උපාධි අපේක්ෂිකා උත්පලා ජයවර්ධන මහත්මීහු මෙම පර්යේෂණය කළහ.

1484218_10152516054334018_1408138347_n Frog sss