බැඳුම්කර විවාදය දිග්ගැසෙන ලකුණු


ඩයනා උදයංගනී

මහ බැංකු බැඳුම්කර සහ මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය දිනකට සීමා කළ යුතු නැති බවත් පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදාගැනීමේ බාධාවක් නැති බවත් කතානායක කාර්යාලය පවසයි.

විවාදය සඳහා මෙම මස 6 වැනිදා යොදාගත්තේ සියලූ පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් වන අතර එම විවාදය එක්දිනකින් අවසන් වන බව ඉන් අදහස් නොවන බවත් කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදාගත හැකි බවද එහි සඳහන් වේ.