බැඳුම්කර කොමිසමට කැඳවන්නේ අවශ්‍ය අය පමණයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසමට කැඳවිය යුතු සාක්කිකරුවන් සම්බන්ධයෙන් සහ කොමිසම කළ යුතු කාර්යයන් පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අදහස් හා යෝජනා දුන්නද කොමිසමේ අධිකාරී බලපත‍්‍රයේ සඳහන් කරුණු හෙළි කර ගැනීම සඳහා කොමිසමට අවශ්‍ය සාක්කිකරුවන් පමණක් කැඳවන බව බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා පවසයි.

කොමිසමේ කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් වෙත බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා ලබාදුන් නිවේදනයක ඒ බව සඳහන් වෙයි.

කොමිසම සිදු කරන පරීක්‍ෂණ සඳහා පසුගිය දිනවල කොමිසම හමුවට විවිධ පුද්ගලයින් කැඳවනු ලැබු බවත් ඒ පිළිබඳව යම් යම් පුද්ගලයින් මාධ්‍ය මඟින් අදහස් දක්වමින් මේ සාක්කිකරුවන් කොමිසමට කැඳවිය යුතු අයද? යනුවෙන් ප‍්‍රශ්න කළ බවත්  එහි සඳහන් වේ.
 
මාධ්‍ය වල පළවන වාර්තා වලට අනුව හෝ විවිධ අය මාධ්‍ය වල පළකරන යෝජනා අනුව සාක්කිකරුවන් මෙම කොමිසමට කැඳවීමට අදහස් නොකරන බවත් මෙම කොමිසමට බලය ලබා දුන් අධිකාරී පත‍්‍රයේ බලතල වල වපසරිය අනුව තමන් කටයුතු කරන බවත් ඉන් පරිබාහිර කරණු ගැන සෙවීමට තමන් කටයුතු කරන්නේ නැතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.