බැක්ටීරියාව කිරිපිටි හිර කරයි
නවසීලන්ත කිරිපිටි නිදහස් නොකිරීමට රේගුව පියවර ගනි.
නවසීලන්තයේ මහාපරිමාන කිරිපිටි හා කිරි ආහාර නිශ්පාදන සමාගමක් වන
ෆොන්ටෙරා සමාගම තම සමාගමෙන් නිකුත් කරනු ලැබූ කිරිපිටි හා කිරිපිටි ආශ්‍රීත නිශ්පාදන වල තිබී බොටුලිස්ම් බැක්ටිරියාවන් සොයාගැනීමට හැකිවූ බව නිවේදනය කිරීමත් පෙරදී ශ්‍රී ලංකාවට නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කිරිපිටි වල ඩයිසයනයිඩි ඇමයිඩ් (ඩී.සී.ඩී.) නම් කෘෂිරසායනය තිබේයැයි පළවූ මතය සැළැකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ.
චීනය , රුසියාව හා වියට්නාමය වැනි රටවල්ද නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇතැම් කිරිපිටි වර්ග වල අපද්‍රව්‍ය පවතී යැයි නැගුණු චෝදනා නිසා සෞඛ්‍ය අමාත්‍යංශය එම කිරිපිටි වර්ගයන් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ පසුගිය මැයි මාසයේදීය.
එසේ වුවද අපද්‍රව්‍ය පවතීදැයි සෙවීමට තායිලන්තය වෙත යැවුණු එම කිරිපිටි වර්ගයන්ගේ සාම්පල වල කිසිදු අපද්‍රව්‍යයක් නැති බව හෙළිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියේ පසුගිය 29 වැනිදාය.
නමුත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සිදුකළ පර්යේෂණ වලින්
එම කිරිපිටි වර්ගයන්ගේ ඩී.සී.ඩී. පවතින බව තහවුරු වී තිබේ.
ඩී.සී.ඩී යනු තණ බිම් වලට ඉසිනු රසායනික පොහොර වර්ගයකි.විෂ සහිත වුවත් කුඩා ප්‍රමාණ වලින් මිනිස් සිරුරට ඇතුල්වී කිසිදු හානියක් සිදුකිරීමට ඩී.සී.ඩී හට නොහැකි බව නවසීලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණී.
Recommended Articles