ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අානයනය කරන ඇපල් තොගවල මිනිස් සිරුරුට අහිතකර ලිස්ටීරියා මොනසයිටොජිනස් නමින් හඳුන්වන බැක්ටීරියාවක් ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඇපල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කරන ලෙස සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට හා ඇපල් ආනයන කරුවන්ට දැනුම් දුන්නේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇපල් පිළිබඳව සොයා බැලීමට වෙළඳසල්වලට ගොස් පරීක්ෂා කරනු දැකිය හැකි විය.
ශ්‍රී ලංකාවට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇපල් ආනයනය කරයි. ඇමෙරිකාවෙන් ගෙන්වන ඇපල් වර්ගය තරමක් කුඩා දිලිසෙන තද පොත්තක් සහිත ඇපල් වර්ගයක් බවත් එහි අලවා ඇති ස්ටිකරයේ නිෂ්පාදිත රට යූ.එස්.ඒ. යනුවෙන් පැහැදිලිව දක්වා ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.






