බැංකු කොල්ලකරුවෙක් අල්ලයි


පසුගිය පෙබරවාරි 16 වැනිදා බෝකුන්දර බැංකුවකින් රුපියල් 9 ලක්ෂයක් පමණද මාර්තු 3 වැනිදා අත්තිඩියේ තවත් බැංකුවකින් රුපියල් ලක්ෂ 46 ක්ද කොල්ල කෑ බව කියන සැකකරුවකු අද (29) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ අංශය කියයි.

බැංකුවල ආරක්ෂකයනට පහරදී වෙඩිතබා මුදල් පැහැරගත් පුද්ගලයා මොහු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. දැනට මෙම සිද්ධියේ සැකකරුවන් 4 ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද කොල්ලකෑ මුදල් ළඟ තබාගත් පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිත යැයිද කියයි.