බාල බඩුලට හොඳ බඩු මාරු කරලා


මැදපෙරදිග සිට රැගෙන එන රන් භාණ්ඩ තත්ත්වයෙන් බාල බව පවසා  ව්‍යාජ රන් භාණ්ඩවලට මාරු කළ බව කියන තැරැව්කරුවෙක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මැද පෙරදිග ගෘහ සේවයට ගිය කතුන් මෙම වංචාවට අසුව ඇතැයි පොලිසිය කියයි. විදේශ සේවා ආයතනයක  තැරැව්කුරුවක බව කියමින් ගෙයින් ගෙට ගොස්  ඔහු ළඟ තිබූ  ව්‍යාජ භාණ්ඩවලට මාරු කළ අවස්ථා රැසක්ම පොලිසිය ඇසු වී ඇත. ඔහු ළඟ තිබී ඇති බඩු රන් ආලේපිත ඒව බව ද පොලිසිය සොයාගෙන ඇත.