හොරණ පාදුක්ක මාර්ගයේ මීටර් 200 ක කොටසක් පිිළිසකර නොකළැයි විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු තුන්සයයක් පමණ ප්‍රදේශවාසීහු එම මාර්ගය හරස් කර පාර මැද වාඩී විරෝධයක යෙදී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගය වාහන ගමනා ගමනබට බාධා එල්ල වී ඇත. කිලෝ මිටර් 21 දුර මාර්ගය පිළිසකර කිරීමේ දී මිල්ලෑව ප්‍රදේශයේ මීටර් 200 පමණ ප්‍රදේශයක් නතර කර ඇතැයි උද්ඝෝෂකයෝ කියති. ඉඩම් පවරා ගැනීමේ සිදු ගැටළුවක් නිසා පිළිසකර කිරීමට නතර වී ඇත.




