(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය පෙරේදා (10) යාවත්කාලීන කළේය.
යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනය මගින් අත්‍යාවශ්‍ය කරුණකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිම් තිබිය හැකි බවත් ප්‍රවාහන සේවා ලබාගැනීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි බවත් තවමත් විරෝධතා පැවැත්වෙන බැවින් ඒවා මගහරින ලෙසත් යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ සඳහන් වේ.
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා වාර්තා වන අතර හදිසි නීතිය ඉවත් කර තිබුනත් කෙටි දැනුම් දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.