නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජිත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (22) උදෑසන ගියහ.
බ්‍රිතානයයේ කොන්සර්වේටිව් පක්ෂය හා කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීහු පස් දෙනකු මෙම කණ්ඩායමට අයත් වෙති. මොවුන් ලබන 26 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටී. ඒ අතරතුරදී මෙරට ප්‍රභූන් කිහිපදෙනකුම ඔවුන් හමු විමට නියමිතය. ගංගාරාම විහාරාධිපති ගලබඩ ඥාණීස්සර හා ආචාර්ය කිරින්දේ අස්සජි හිමිවරු ඔවුනට සෙත් පැතුහ.