බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ තීන්දුව ගැන රජයේ අවධානයට


( තිළිණි ද සිල්වා )
 
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රජය අද (9) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නඩු විභාගය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්වා දුන්නේ ගෙල සිදින අභිනය කළ යැයි චෝදනා ලැබ සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික විනර්මුක්තිය හිමිවන බවය.
 
මීට අමතරව යුද හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ එම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.

විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබේ.