(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (23) නියෝග කළේය.
බ්‍රිගේඩියර් දේශප්‍රියට අමතරව යුද හමුදා මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ගේ‍්‍ර සහ කෝප‍්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන යුද හමුදා සාමාජිකයෝ තිදෙනා රිමාන්ඩ් කරනු ලැබූහ.
2013 අගෝස්තු 01 වැනි දා වැලිවේරියේදී කළ වෙඩි තැබීමෙන් අකිල දිනේෂ් සහ රමිල රවිශාන් යන සිසුහූ දෙදෙනා සහ නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයා ජීවිතක්ෂයට පත් වූහ.

