( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ නගර සභාවෙන් කඩකුලී හා වරිපනම් බදු අයකිරීමේ ජංගම සේවාව ලබන සඳුදා (9) මිරිස්වත්ත කුමාරගම හන්දියේදී පෙ.ව.9 සිට ප.ව.1 දක්වා පැවැත්වීමට යයි. කඩකුලී අය කිරීමේ ජංගම සේවාව පසු දින (10) බළන්ගොඩ නව සතිපොළ භූමියේදී පෙ.ව.9 සිට ප.ව.1 දක්වා පැවැත්වේ. කඩකුලී හා වරිපනම් බදු පිළිබද ගැටඵ මෙම ජංගම සේවා වලට ඉදිරිපත් කර විසදුම් ලබා ගත හැකි බවත් කඩකුලී හා වරිපනම් බදු ගෙවීය හැකි බවත් නගර සභාව කියයි.