( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිම විය. 2013 පළාත් පාලන සතියේ ක්‍රීඩා දිනය නිමිත්තෙන් බළන්ගොඩ නගර සභාව සංවිධානය කරන ලද රාජ්‍ය සේවා ක්‍රීඩා තරඟාවලිය 2013.09.14 හා 15 යන දෙදින බළන්ගොඩ නගර සභාවේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. බළන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලියක් හා දැලපන්දු තරඟාවලියක් සංවිධානය කර තිබිණි.
ක්‍රිකට් තරඟාවලිය සදහා
- බලන්ගොඩ රෝහල,
- බලන්ගොඩ පොලීසිය ,
- බලන්ගොඩ තැපැල් කාර්යාලය,
- බලන්ගොඩ උසාවිය,
- බලන්ගොඩ නගර සභාව,
- බලන්ගොඩ බන්ධනාගාරය,
- බළන්ගොඩ විධායක ඉංජිනේරු කාර්යාලය,
- බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය,
- බලන්ගොඩ ඩිපෝව,
- බලන්ගොඩ විදුලිබල මණ්ඩලය,
- බලන්ගොඩ ප්‍රාදේශීය සභාව,
- බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
- බලන්ගොඩ ගුරුවරුන්ගේ කණ්ඩායම,
- ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
- කපුගල සමනලවැව විදුලි බලාගාරය
යන ආයතන සහභාගි වු අතර සමස්ථ ශූරතාවය බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය දිනාගත් අතර අනු ශූරතාවය බළන්ගොඩ නගර සභාව දිනා ගන්නා ගත්තේය.
දැල් පන්දු තරගාවලියට
- බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය,
- බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
- ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
- බලන්ගොඩ රෝහල,
- බලන්ගොඩ ගුරුවරුන්ගේ කණ්ඩායම
සහභාගි වු අතර සමස්ථ ශූරතාවය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත් අතර අනුශූරතාවය බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත්තේය.

