(විනීතා එම් ගමගේ )
බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප‍්‍රතිකාර ලබන ශී‍්‍ර ලාංකික කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතා සහය පතයි.
ඇය පිළිබඳ තොරතුරු සොයා දෙන්නැයි බහරේන් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.
බහරේන් රාජ්‍යයේ පොලීසිය මඟින් ඇය සල්මානියා රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර ඇය සිහිමද තත්ත්වයේ පසුවන බව තානාපති කාර්යාල නිලධාරීහු පවසති.
ඇය නමින් ඉනෝකා දමයන්ති බවත්, පදිංචිය ශී‍්‍ර ලංකාවේ ගනේමුල්ල ප‍්‍රදේශයේ බවත් කියැවේ.ඇය සතුව ගුවන්ගමන් බලපත‍්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිඳු ලියවිල්ලක් නොමැත. ඇයට ලංකාවේ පදිංචිය පිළිබඳ නිවැරදි මතකයක් නොමැති බවත් තානාපති කාර්යාල නිලධාරීහූ දන්වා සිටිති.
ඇය ගැන කටයුතු සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වේ.
ඉහත සඳහන් සේවක මහත්මිය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හෝ කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 2 864 100 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටී.


