පසුගිය බ්‍රහස්පතින්දා (11) පැවැති පෞද්ගලික බස් වර්ජනයට හවුල් නොවු බස් සේවකයිනට තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කළ සිටි බස් හිමියකු වන නිශාන්ත දිලීප් රත්නවීර ඔහුගේ රියැදුරු කමල් චමින්ද ආරියසිංහ හා බස් රියදුරකු වන ඒ.ඊ.ජී චන්ද්‍රසිරි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරිනු ලැබූහ.
වැඩිදුර විභාගය සැප්තැම්බර 16 වැනි දිනට කල් තැබිණි.