(ඩයනා උදයංගනී)
වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගන්නා ප‍්‍රතිපත්තිය කාලීන, සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් කර නව ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
බස් සංගම් හා බස් මගී සංගම් සමඟ ද සාකච්ඡා කර නව ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක් පත්කිරීම ඉදිරියේදී සිදුකෙරෙන බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
බස් ගාස්තු සංශෝධනයේදී දැනට යොදා ගනු ලබන 2002 වසරේදී සකස් කළ ප‍්‍රතිපත්තිය වර්තමානයට නොගැළපෙන බැවින් නව ප්රතිපත්තියක් සකස් කිරීස සඳහා ප‍්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

