බස් අනතුරින් 30කට තුවාලයි


බිබිල සිට කොළඹ බලා එන ලංගම බසයක් හා කොළඹ සිට විනෝද චාරිකාවක් යමින් සිටි පෞද්ගලික බසයක් නිට්ටඹුව කලල්පිටියේ දී ගැටීමෙන් මේ වන විට 30 දෙනකු රෝහල් ගත කර ඇති බවත්, තුන් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් නිට්ටඹුව පොලිසිය කියයි.

අනතුර නිසා කොළඹ නුවර පාරේ වාහන තදබදයක් ඇතිවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.