(ට්‍රික්සි කොන්ස්ටන් සහ හිරාන් ප්‍රියංකර)
කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් මාරවිල මූදුකටුවේදී එකිනෙක ගැටීමෙන් වෛද්‍යවරයා ඇතුළු පස් දෙනකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලීසිය කියයි.
මෙම අනතුරින් මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ පාදයක් බිඳී බරපතළ තුවාල ලබා ඇති අතර බස් රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් මගියකු ගේ පාද බිඳී ඇතැයි මාරවිල පොලීසිය පවසයි.
මෝටර් රථය සහ බස් රථය පාර මැද මුහුණට මුහුණලා ගැටී ඇති බවත්, පාර දෙපස වැසි ජලය පිරී තිබූ බැවින් වාහන දෙකම මහා මාර්ගය මැදට සමාන්තරව ධාවනය කර ඇති බවත් පොලීසිය තවදුරටත් සඳහන් කරයි.
වාහන ගැටීමෙන් පසුව පාර අද්දර තිබූ කොට්ටන් ගසක් සුනුවිසුනු කරමින් අසල තිබූ තාප්පයක හැපී තාප්පයෙන් ඔබ්බට තිබූ නිවසකට ද හානි කරමින් බස් රථය නැවතී තිබුණි.