බසයෙන් ඇද වැටුණු සිසුවා මියයයි


 (බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ ගොඩගම නගරය ආසන්නයේදී පාසල් ළමුන් ප‍්‍රවාහනයේ නිරතව සිටි ”සිසු සැරිය” බස් රථයකින් ඇද වැටුණු 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ(2) රාත්‍රියේ මිය ගිය බව පොලිසිය පවසයි.        

අවිස්සාවේල්ලේ සිට හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය දක්වා සාසැල් සිසුන් රැගෙන යන බස් රථයෙන් ඉකුත් සිකුරාදා (30) පාසල නිමවී නැවත නිවෙස් බලා යමින් සිටියදී බස් රථයේ පිටුපස දොර අසල සිටගෙන සිටි සිසුවා එක්වරම එළියට විසි වීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර පසුව අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබිණි.

මෙසේ මිය ගොස් ඇත්තේ තුම්මෝදර කොස්වත්ත නගරපොළ පදිංචිව සිටි පහළ ගමගේ ප‍්‍රබෝධ සදීප නමැති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 9 වන වසරේඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි.