බවුසරයෙන් ඉන්ධන ඇද්ද රියැදුරා - සහායකයා මාට්ටු


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මඩකලපුව ප්‍රදේශයට ඩීසල් තොගයක් ප්‍රවාහනය කළ  බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි රියදුරා හා සහායකයා  අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය පෙදෙසේදී බවුසරය පාර අයිනේ නවතා එම රියේ ඉන්ධන ටැංකියෙන් මෙසේ ඩීසල් ප්‍රමාණයක් ඉවතට ගනිමින් සිටියදී පොලිසිය දැක මෙම වැටලීම කර ඇත.

සැකකරුවන් රැගෙන යමින් තිබූ ඉන්ධනවලින්ද මේ ආකාරයට ඉන්ධන සොරා ගෙන ඇත්දැයි සොයා බලන බවද පොලිසිය කියයි.