බලා හිටියා වාගේ හොරා අල්ලා දෙයි


හොරණ පෝරුවදණ්ඩ සල්ලිය කන්දේ  දොස්තර යුවළකගේ නිවසක් බිඳ  පැය කිහිපයක් ඇතුළතදී හොරා අල්ලා ගැනීමට හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා  සමත් විය.

හොරා ජනේලයක ග්‍රීල් රාමුව ගලවා ලේන්සුවකින් අල්ලා එය පැත්තක තබා ඇතුළට ගොස් වෛද්‍යවරියගේ අත් බෑගයේ තිබු රුපියල් දහදාහක් සොරකම් කැර විදුලි පන්දමක් දල්වා තවත් සෝදිසි කරද්දී ඇති වු මතු වු හඩක් නිසා ඔහු පෑල දොරින් පැන ගොස් ඇතැයි කියති.

ග්‍රේරෝ ලේන්සුව ඉව කර කිලෝමීටර් එකහමාරක් මඟ ගෙවා මැටි ගෙයක් ඇතුළට ගොස් කුඩා විදුලි පන්දමක් කටින් ඩැහැ ගත්තේය.

පෙරදින රාත්‍රියේ සොරකමට යොදාගන්නට ඇත්තේ එම විදුලි පන්දම යැයි පොලීසිය කියයි.