බල්ලා විදුහල්පති මොළේ පරදවයි


දඩාවතේ යන බල්ලෙක් පානදුර පැත්තේ පාසලක නවාතැන කරගත්තේය. වැසි සමය එළඹීමත් සමග බල්ලා පන්ති කාමරවල ලැගුම් ගත්තේය. මේ කරදරයෙන් මිදීමට වැල්ලේ කෙනකු කැඳවා රුපියල් දාහක් දී බල්ලා ඈතට ගෙන ගොස් දමන ලෙස උපදෙස් දුන්නේය. ඔහු ද බල්ලා ලණුවකින් බැඳගෙන බොහෝ දුර ගෙන ගොස් දැමීය. පසුදා විදුහල්පති පන්ති කාමර පිරික්සන්නට ආවේය. බල්ලා ද නගුට වනමින් ඔහු පසුපස ගියේය.