බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැරගනී


බලපිටියේ ව්‍යාපාරිකයකු වන එම් ඩබ්ලිව් ප්‍රදීප් (42) මහතා අද උදේ අම්බලන්ගොඩ දී පැහැරගත් හඳුනා නොගත් පිරිසක් ඔහුගේ රුපියල් තිස් තුන් ලක්ෂයක රන්මාල හතරක් හා බ්‍රෙස්ලටයක් ද, රුපියල් ලක්ෂ හත හමාරක් ද කොල්ලකා ඉංගිරියේ දී දමා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

සුදු වෑන් රියකින් පැමිණි මේ පිරිස තමා මාරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් මත පැහැර ගත් නමුත් රන් බඩු ඇති නිසා ඒවා ගෙන මුදා හරින බව කියා ගෙදර යෑමට බස් ගාස්තු ද දී අතහැර දැමූ බව දෙදෙරු පියකු වන ව්‍යාපාරිකයා කියා ඇත.