(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 305 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් ත්‍රිරෝද රථයේ මෙම ඉන්ධන තොගය සගවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදි පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල හා පාදුක්ක යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.