බලන්න ලස්සනයි ලංකාතිලක පෙරහර


ගම්පොළ ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ උළෙලේ රන්දෝලි පෙරහරේ තුන් වැනි දිනටත් බ්‍රහස්පතින්දා වීදි සංචාරය කළේය.

උඩුකුනර හංදෙස්ස රබ්බෙගමුව පැන්හල්ගම පර්වත මුදුණේ ගම්පොළ රාජධානිය කරවූ හතරවැනි බුවනෙකබාහු රජතුමාගේ සේනාධිලංකාර ඇමැති  ක්‍රිස්තු වර්ෂ 1344 දී ලංකා තිලක රජ මහා විහාරය හා උපුල්වන් දෙවොල ඉදිකිරීමෙන් පසුව එදා සිට මේ පෙරහර පැවැත්වේ.

අමුණුගම රාජගුරු විපස්සී ලංකාතිලක රජ මහා විහාරාධිපති නාහිමියන් හා විශ්නු දේවාලයේ බස්නායක නිලමේ බන්දුල ඒකනායක මහතාගේ උපදෙස් මත පෙරහර පැවැත්වේ.

අවසන් රන්දෝලි පෙරහර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 22 වැනිදා ගම්පොළ බෝතලාපිටිය මහවැලි ගං තොටුපොළේදී දිය කැපීමෙන් උත්සවය සමාප්ත වේ.