1818 ඌවේ කැරල්ල වු අවස්ථාවේ දි වීර කැප්පොටිපොල නිළමේ හා කොහුකුඹුරේ රටේ රාළලා කතරගම දෙවියන් මුල් කරගෙන අංගම් පොර සටන් කලාවේ එන රණකෝළි සටන් ක්‍රම කතරගම දෙවියන් ඉදිරියේ පවත්වා යුද්ධයට ගොස් සුද්දන් මවිත කරනු අයුරින් සටන් කළ බව ඉතිහසයේ කියවේ.
දුටුගැමුණු මහා රජතුමාන් එළර රජු සමග යුද්ධයට යෑමේ දි කතරගම දෙවියන් මුල් කරගෙන සටන් මෙහෙයවා ඇත. දුටුගැමුණු මහා රජතුමා යුද්ධයට යෑමට පෙර සිදු වු බාරයක් අනුව සදවා කතරගම කතරගම දේවාලය දෙවියන්ට පුජා කරඇත.
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියකි. සුර අසුර යුද්ධයේන් ජය ලැබිමට ඊශ්වරයාට නොහැකි තැන කතරගම දෙවියන් බිහිකල බව ජනප්‍රවාදයේ කියවේ.
කතරගම දෙවියන් බිහි වි අසුරයන් යුද්ධයේන් පරාජය කල අතර ඒ අනුව කතරගම දෙවියන්ට දේව සේනාධිපති පදවිය ලැබුණු බවත් ජනප්‍රවාදයයි.
වෙල්ලස්ස යුද්ධ කාලයේ දි කැරල්ලට උපයෝගි කරගත් සටන් ක්‍රම 14ක් ශ්‍රී ලංකා පාරම්පරික සටන් කළා සංගමය රඟ දැක්විය. ශෂීන්ද්‍ර රාජපකෂ මහතා ද මෙම අවස්ථාවට එක් විය. ශ්‍රී ලංකා පාරම් පරික දේශිය සටන් කළා සංගමය මෙම රණ කොළි පුජාව වසරක් පවා පවත්වනු ලබයි.
ඌවේ වෙල්ලක්ෂ යුද්ධයේ දි රණ සුරයකු වු කොහු කුඹුරේ රටේ රාළ සටන් එකරනවිට ඉංගිසින් හතර දෙනකු තමන් වට කරගත් බව පැවසෙන අතර එහි දි කොහු කුඹුරේ රටේරාළ කතරගම දෙවියන් සිහිකර අංගම් පොර සටන් ක්‍රමයක් මගින් උඩ පැන පහර දුන් බවත් එහි දි බියට පත් ඉංගිසි හේවායන් බිම වැටිවැටි දිවු බව ඌව ඉතිහාසයේ දැක්වේ.
කතරගම පැවති මෙම රණ කොලි සටන් පුජාවට අතුරුගිරියේ වික්‍රමසිංහ ගුරුන්නාන්සේ. සුනිමාල් ගුරුනනාන්සේ, ශ්‍රී පාරම්පරික සටන් කළා සංගමයේ සිසුහු රැසක් ද එක්ව සිටියහ.