එංගලන්තයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරයේ 2013 වස් ආරාධනා මහා පිංකම විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය.
මහරගම ශ්‍රී පඥානන්ද මහාපරිවෙනාධිපති වටගෙදර විමලබුද්ධි හිමි, මාපලගම සෝරත හිමි,සහ බෙරගම පියරතන හිමියන් මෙම වසරේදී ජේතවන විහාරස්ථානයේ වස් වසති. වසන්ත සහ සීතා පෙරේරා යුවල සහ එම පවුලේ සාමාජිකයෝ වස් ආරාධනා කළහ.
එංගලන්තයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් හි පිහිටි ජේතවන විහාරය මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන අතර ප්‍රමුඛ පන්සලකි. ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් රටවල බෞද්ධයෝද එහි දායකයෝය.