උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා ඒකනායක මහත්මියට තර්ජනය කර පහරදීමට තර්ජනය කර පහරදීමට තැත් කළැයි උතුරු මැද හිටපු මහ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සේවා විෂය භාර අධ්‍යක්‍ෂ පියරත්න හේරත් මහතාගේ වැඩ තහනම් කළ බව පළාත් අධ්‍යාපන ලේකම් ආර්.කේ. පේ‍්‍රමසිරි මහතා පවසයි. හේරත් මහතාගේ බිරිය මාරු කළැයි කියන සිද්ධියක් මත තමාට බැන වැදුණු බව ඒකනායක මහත්මියගේ පැමිණිල්ලේ සඳහන්වේ.
අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියකවූ කුමුදිනී ආරියවංශ මහත්මිය හේරත් මහතාගේ බිරියයි. ඇය මුලින් කලාප කාර්යාලයටත් ඉන් පසුව තඹුත්තේගමටත් මාරුකර ඇත.