බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම්


(උපාලි ආනන්ද)

කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගනනාවක් සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා පවසයි.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කරන පොලිස් කොස්තාපල් (51622) ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර නමැති සැකකරු ඉකුත් 6 වන දින ගල්කිරියාගම වනජීවී කාර්යාලයට බාර වීමෙන් පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙ ඇපමත මුදා හැරියේය.

බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝටිටගේ මහතා ඇතාගේ මරණයට හේතුව ලෙස විදුලිය සැර වැදීමෙන් හෘර්ද වස්තුවට සිදුව ඇති බලපෑම ඇතාගේ මරණයට හේතුව වී ඇති බව තීරණය කළේය.

විදුලිය සැර වද්දවා මරා දැමුණු බරණ දළ හස්තියගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් බරණගේ උස අඩි නවයක් පමණ වන බවත් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් තහවුරු කළේය.

බරණට  අඩි හතරක් පමණ දිග පිරිපුන් දළ යුගළකට හිමිකම් පෑවේය.