බන්ධනාගාර බසයට වයික්කාලේදී ප්‍රහාරයක්


( ජුඩ් සමන්ත )

වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී  බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි.

අද (30) අළුයම 3.30 ට පමණ මෙම පහර දීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.බන්ධනාගර බස් රථය අනුරාධපුරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කරමින් තිබී ඇතැයි ද පොලීසිය කියයි.

අනුරාධපුරයේ පැවති පිච්චමල් පුජාව සදහා සහභාගි වීමට ගිය වැලිකඩ බන්ධනාගාරයේ සිටින නර්තන කණ්ඩායමක රැදවියන් 14 දෙනකු සිද්ධිය වන විට බස් රථයේ සිට ඇත.

ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බව ද පොලීසිය කියයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ජලය පිරවූ ලීටර් 2 ½ ක බෝතලයකින් පහර දීම සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.  

පහර දීම සිදු කළ අය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.