බදුලු ඔය පිටාර ගලා ගම් කිහිපයක් යටවෙයි


(ප්‍රසන්න පද්මසිරි)

බදුලු ඔය පිටාර ගැලීමෙන් සුමනතිස්ස ගම , හෑගොඩ , කයිලගොඩ සහ හිඟුරගමුව යන ප්‍රදේශ අඩි දෙකක් පමණ ජලයෙන් යට වී පවතින බව බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඒ හේතුවෙන් සුමනතිස්ස ගම්මානයේ පදිංචි පවුල් 12 ක් පමණ මේ වන විට සිය ඥාති නිවෙස් වෙත යමින් පවතින බව අපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මෙම ස්ථානයට බදුල්ල නගර සභා නිලධාරීන් , අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය යෙදාවා තිබේ.