බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දියතලාවේන් ඇරඹේ


(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (05) දියතලාව දුම්රිය ස්ථානයෙන්  නියමිත වේලාවට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දියතලාව - බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර දී ඊයේ (04) රාත්‍රීයේ  කඩාවැටී තිබූ පස් කන්ද  ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිව බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.