බදුරලියේ මාර්ග කොටසක් නායයයි


(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

ධාරානිපාත වැසි හේතුවෙන්  බදුරලිය, අත්වැල්තොට, දිගන්න මාර්ගයේ මීටර් 50ක පමණ ප්‍රදේශයක් නාය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඇණහිට ඇතැයි ද කුකුළේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීම නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කළු ගඟ දෙපස ජනතාවට අවදානයෙන් සිටින ලෙස ද පොලිසිය ප්‍රකාශ කරයි.