බදාදා සිට උසාවි යළි වැඩ


නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රකින ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී අද තීරණය විය. කොළඹ අලුත්කඩේ පැවැති මේ රැස්වීමට දිවයින පුරා දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරු 150කට ආසන්න ප්‍රමාණයක් රැස්වුහ.  අධිකරණ සේවා කොමිසමේ සභාපති මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය තරයේ හෙළා දුටු සංගමය බදාදා සිට යළි උසාවි රාජකාරි ඇරැඹීයට ද තීරණය කෙළේය.