බඩු නැව ගි‍ළේ


සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනුණු මලයාසියා ඇල්බෙඩෝ භාණ්ඩ නැව ගිළී එහි සිටි සිව් දෙනකු හා කොල්ලකරුවන් හත් දෙනකු මිය ගිය බවත් 13 දෙනකු සොයා ගැනීමට නැති බවත්, කොල්ලකරුවකු කියා ඇත.

ඒ නැවේ කාර්ය මණ්ඩලය 23 දෙනා අතර පාකිස්තාන, බංගලිදේශ,  ශ්‍රී ලංකා හා ඉරාණ ජාතිකයෝ වූහ.

නැව කොල්ල කා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කෙන්නියාව බලා යද්දී 2010 නොවැම්බරයේදී ය.

 ගිය සතියේ සිට නැව ක්‍රමයෙන් ගිළෙමින් තිබුණු බව සඳුදා රාත්‍රී මුළුමනින්ම ගිළී ගිය බවත් කියති.