බටහිර ඉන්දීය කොදෙව්වෝ විස්සයි20 ලෝක කුසලාන දිනති
බටහිර ඉන්දීය ක‍්‍රීඩකයෝ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) රාත‍්‍රි පැවැති අවසන් මහා තරගයේදී කොදෙව් පිල ලකුණු 36 කින් සත්කාර ශ‍්‍රී ලංකා පිල පරාජය කළේය.
මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක් හිමිවිය.
බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වූ පළමු අවස්ථාව මෙය වන අතර 1979 වසරේ දෙවැනි ලෝක කුසලානය ජය ලැබීමෙන් පසු කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියකදී වසර 33 කට පසුව ශූරයන්වීම කැපී පෙනේ.
බටහිර ඉන්දීය කොදෙවෝ 2004 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු වසර අටකට පසු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කළ තරගාවලික ශූරතාව දිනාගත්හ.
ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනු ශූරයන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී ද අනු ශූරයන් බවට පත්විය.
කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, සුනිල් නරේන් 9/3)
ශ‍්‍රී ලංකාව ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 101 (මහේල ජයවර්ධන 33, කුමාර් සංගක්කාර 22, නුවන් කුලසේකර 26, අජන්ත මෙන්ඩිස් 12/4 )

